FAST NEWS

24×7 Around the Globe

ආධාර පාර්සල්වල ලිපියක්.. ඇමති දුමින්ද ගෑවුනේ මෙහෙමයි..

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආපදාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් බෙදා දීමට තමන්ගේ මැදිහත්වීමෙන් යවනු ලැබූ ආධාර පාර්සල්වලට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගාල්ලේදී ඇතුළු කරන ලද ලිපියක් වහා ඉවත් කරන්නැයි ඇමති දුමින්ද දිසානායක විසින් දන්වා ඇති බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරයි.

මෙම ආධාර ද්‍රව්‍ය ජනතාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට ලබාදී තිබුනද ඒවායේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම මුද්‍රණය කර ග්‍රාමනිලධාරී කාර්යාලවලට යවා ඇති බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක්ද දමා ඇති බවත් ඇමති දුමින්ද විසින් නෙළුව ආපදා සහන කමිටු රැස්වීමේදී දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.