FAST NEWS

24×7 Around the Globe

සුජාත දියණියගෙන් ලංකාවට පරිත්‍යාගයක්.. (ඡායාරූප)

සුජාත දියණිය නම් කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරුපනය කරමින් මෙරට ප්‍රේක්ෂකයන් වෙත සමීපවු  කොරියානු නිලි ලී යන්ග් ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනජීවිත සඳහා සහන සැලසීම වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් 50 000ක් පරිත්‍යාගකර ඇත.

කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඇතිවු ගංවතුර තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ග් මහත්මිය පවසා ඇත.