FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකාගේ දුක බලන ඇමති මෙන්න..

සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව ප්‍රකාශ කිරීමත් සමග ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ අනුරාධපුරයේ පැවති උත්සවයකදී මෙසේ අදහස් දක්වා තිබේ.

”හිඟන්නෙක් වගේ මට ජීවත් වෙන්න බෑ. මම පෞද්ගලිකවම ක්‍රීඩා ඇමතිතුමාට කතාකරා. මට තියෙන එකම වස්තුව මගේ පදක්කම. ඒක වෙන්දේසි කරන කරන දිනය තමයි මගේ ජයග්‍රාහී දිනය. මම ගත්තේ සාධාරණ තීරණයක්. මම විශේෂයෙන් කියන්න ඕන රන්ජන් රාමනායක ඇමතිතුමා ගැන. එතුමා මට කතාකලා. එතුමා මගේ සහෝදරය වගේ. මගේ නිවසට අනුග්‍රහය දෙන්න එතුමා කැමති වුණා. එතුමා මේ රටට හොද ආදර්ශයක්”