FAST NEWS

24×7 Around the Globe

මුහුදු ජලය පාරට ඒම නිසා සුනාමි බියක්..

මුහුදු ජලය ගොඩගැලීමේ  සිද්ධි නිසා ඇතිවූ සුනාමි බියක් හේතු කොට ගෙන දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ (05) ඔවුන් සිටි ප්‍රදේශවලින් ඉවත් වී තිබේ.

කහව සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මේ දිනවල මුහුදු ජලයගාලු පාරට ගලා ඒම මත මෙම අනියත බිය  පැතිර තිබේ.

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සුනාමි පිළිබද පැතිරුණු කටකතා රාවයකට අනුව ජනතාව මෙලෙස සිය නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යාම ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අසත්‍ය ප්‍රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන ලෙසයි.

එසේම මෙම තත්ත්වය වාරකන් කාලය නිසා ඇතිවන්නක් බව පැහැදිලි කර තිබේ.