FAST NEWS

24×7 Around the Globe

තරගයට ආ බාධාව මැද විස්‌තර විචාරකයො දෙදෙනා කළ අපූරු වැඩේ.. (ඡායාරූප)

ඉන්දියාව සහ පකිස්‌තානය අතර බර්මින්හැම්හී පැවැති තරගයට කඩින් කඩ වර්ෂාවෙන් බාධා පැමිණෙද්දී ඉන්දියාව ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනුව ලකුණු 124 ක ජයක්‌ ලැබීය.

වර්ෂාව නිසා තරගය නතර කෙරුණු අවස්‌ථාවක ඉන්දියානු හිටපු නායක සව්රව් ගංගුලි සහ ඔස්‌ට්‍රේලියානු හිටපු නායක ෂේන් වෝන් සුව නින්දක පසුවන ආකාරය විරේන්ද්‍ර ෂෙවාග් ඡායාරූප ගත කරමින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

වෝන්, ගංගුලි සහ ෂෙවාර්ග් තිදෙනාම විස්‌තර විචාරකයන් ලෙස එක්‌ව සිටියදී ගංගුලි බිම නිදා සිටින අයුරුත් ෂේන් වෝන් සෝපාවක නිදා සිටින අයුරුත් දැක්‌වේ.

“හා..හා… වැස්‌සෙ නින්දෙන් මට පුරාවෘත්තයක්‌ ලැබුණා.” යැයි සටහන් කර තිබේ.