FAST NEWS

24×7 Around the Globe

දූෂිත ඇමතිවරු දෙන්නෙක් පන්නන්න පලාත් සභාවක් සැරසෙයි..

 

බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා සහ වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා චෝදනා  එල්ල වන උතුරේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ල කම්ටුව  නිර්දේශ කර තිබේ.

මෙම කමිටු වාර්තාව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් හෙට (06) පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහිදී අදාළ අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍යධූර වලින් ඉවත් කිරීමටද තීරණය කරනු ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග සදහන් කරයි.