FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරයකට ලක් වූ විදේශ අැමති…

බහරේන් විදේශ අමාත්‍ය, කාලිඩ්බින්අහමඩ් අල්-කලීෆාට අයත් ටුවිටර් සමාජ ජාල ගිණුමට සෙනසුරාදා සවස සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සයිබර් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු බහරේන් රජයට විරුද්ධ වීඩියෝ සහ ඡායාරූප විදේශ අමාත්‍යවරයාගේ ට්විටර් ගිණුමට එක්කර ඇති බව වාර්තා වේ.

එසේම Saraya al-Mukhtar ත්‍රස්ත සංවිධානය සයිබර් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත.

ට්විටර් ගිණුම යථාතත්වයට පත් කළ බව විදේශ අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර සයිබර් ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමට දෝෂාරෝපනයක්ද එල්ල කළේය.

අල් ජසීර් නිවුස් ඇසුරිනි