FAST NEWS

24×7 Around the Globe

“මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ” – ගෝමලී ගැන තැබූ ෆේස්බුක් සටහන..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ මෙවර උපාධිය සම්පූර්ණ කළ ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ‘ගෝමලී ‘ නමිනි.

ඒ ඇගේ විශ්ව විද්‍යාල දිවියේ ඇයව හැඳින්වූ නම එය නිසාය.

තරිනි විජේසිරිවර්ධන නම් ඇය පසුගිය 25 වන දා සිය උපාධි උත්සවයේදී උපාධිය ලබා ගත් නමුත් ඊට දින කිහිපයකට පසුව සියලු මිතුරු මිතුරියන්ගේ දෑස්වලට කඳුළු එකතු කරමින් කොළඹ බදුල්ල දුම්රියට බිළි වෙමින් ඇය ජීවිතයෙන් සමුගනු ලැබුවාය.

මේ මරණයට හේතුව ලෙසින් විශ්ව විද්‍යාල මිතුරන් අතර ඇති වී තිබෙන අදහස වන්නේ සිය පෙම්වතා තමන්ව අතහැර යාමේ දුක නිසා ඇය මෙලෙස දිවි නසාගත් බවයි.

ඇය පිළිබඳව මෙවැනි සටහනක් ෆේස්බුක් ගිණුමක දක්නට ලැබේ.

“ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ  ඉගෙනුම ලැබ 2017.05.25 වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යා පීඨයේ  demonstrator ලෙස සේවය කර ඇති ඇය නමින් ගෝමලී(Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වැරදි තීරණයක් නිසා ඇය මෙසේ දිවි තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙම්වතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගණිය උඹ වැදූ අම්මා තාත්තා සහෝදරයෝ තාමත් උඹේ උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම්  ගෙදර බලන් ඇති. “