FAST NEWS

24×7 Around the Globe

තමාගේ තරග තහනම පිටුපස ඇති කතාව තරංග හෙළි කරයි..

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ පසුගියදා ,පැවති පළමු තරඟයේදි අඩු පන්දුවාර වේගය නිසා ශ්‍රී ලංකා නායක උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක තහනමක් පැනවීමට අන්තර්ජතීක ක්‍රිකට් කවුන්සිලය  තීරණය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්මත නීති රීති අනුව එක්දින ඉනිමක් නිමා කිරීමට ලැබෙව කාලය විනාඩි 210ක් වන අතර නායක උපුල් තරංග මෙම තරගයෙදි විනාඩි 247 ක කාලයක් සිය පන්දු යැවිමට ගෙන තිබුණී.

කෙසේ වෙත තරංග තමා වෙත පැනවු තරග දෙකක තහනම ගැන අදහස් දක්වා තිබුනේ තමන්ගේ වරද ගැන විනිසුරුවන් විසින්  දැනුවත් කිරීම්  කලද තමන්ට එය නිවැරදි කර ගැනීමට නොහැකි වූ බවයි.

“අපි පන්දු යවද්දී ඊයේ පන්දුවාර දෙකක් අතරේ ගත්ත කාලය වැඩියි.මට මේ ගැන විනිසුරුවෝ පන්දු වාර 10ක් ඉවර වෙද්දී කිව්වා අපි ඉන්නේ පන්දුවාර දෙකක් පස්සෙන් කියල,ඒ වෙලාවේ අපි ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ.ඊට පස්සේ නැවතත් විනිසුරුවන් මට අවවාද කළා පන්දු වාර 40 අවසන් වුනාට පස්සේ.

ඒ වෙලාවේ කිව්වේ අපි ඒ වෙලාව වෙද්දී යවන්න ඕන පන්දු වාර ප්‍රමාණයට වැඩිය පන්දුවාර 3ක් අඩුවෙන් ඉන්නේ කියල.හැබැයි ඒ වෙලාව වෙද්දී අපි වරද හදා ගන්න ප්‍රමාද වැඩියි.මොකද සාමානයෙන් අන්තිම පන්දුවාර 10 දාන්න කොහොමත් වැඩි වෙලාවක් යනවා.එකත් එක්ක ඉනිමේ මුලදී වුන වරද නිවැරදි කර ගන්න අපිට බැරි වුනා.”

(ADS)