FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකා ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දැමීමට යයි..

ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දෙමින් 2000 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවති ඔලිම්පික් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් සුසන්තිකා ජයසිංහ අද වන විට පත්ව ඇති දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. (එම තරගාවලියේදී රන් පදක්කම දිනූ මේරියන් ජෝන්ස්ට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාව සනාත වූ නිසා සුසන්තිකාට රිදී පදක්කම පිරිනමනු ලැබින)

තම වසර 25ක් තරම් ක‍්‍රීඩා දිවියේ එදා මෙදා තුර කසිම දිනෙක ක‍්‍රීඩාව මෙරතම් පහලට වැටී නැතැයිද ඇය සදහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබා දුන් වැටුපද කපා දමා ඇතැයි පවසන ඇය තමන් සතුවන වටිනාම වස්තුව වන ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර ජීවිකාව ගෙන යන්නට උත්සාහ දරන බවද සදහන් කරයි.