FAST NEWS

24×7 Around the Globe

සත්වයන්ට තියෙන හැකියාව කලවැද්දාට නෑ..

හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුට කිසි විටකත් දේශපාලනික දැනුමක් නොමැති බවත් එනිසා ජනතාවගේ හෘද ස්පන්ධනය ගැන වැටහීමක් ද නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

රට තුළ පවතින ව්‍යවසනකාරී පාරිසරික තත්ත්වය දුරු කිරීම වෙනුවෙන් කැලණිය ශ්‍රි උත්පලවන්න විශ්ණු මහා දේවාලයේ ඊයේ (01) පැවති සෙත් පිරිත් දේශනාවකට සහභාගී වීමෙන් අනතුරුව මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර තමා කැලණිය ප්‍රදේශයට සිදු කර ඇති සේවාව පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය නම් සතා සිවුපාවන්ට තිබෙන ඉව ඇති කර ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බවත් සමහර සත්වයන්ට තියෙන හැකියාව කලවැද්දාට නොමැති බව ද ඔහු පැවසීය.

මේ වන විට රටේ ජනතාවගේ ලැජ්ජාව හා බිය දෙක තුරන් වී ඇති නිසා රට තුළ ආපදා තත්ත්වයක් හට ගෙන ඇති බවත් සුනාමි පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ඉතා හොඳින් එම තත්ත්වය පාලනය කළ බවත් මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ රජය මීට වඩා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ස්නායු පද්ධතිය දුර්වල වී ඇති සමහර රජයේ අමාත්‍යවරුන් එම තත්ත්වය පරීක්ෂා කර බැලිය යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.