FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර රැලිය හේතුවෙන් සන්ධානය නැවතත් උණුසුම්.

හෙට 17 වනදා අනුරාධපුරයේදී පවත්වන්නට නියමිත එජනිස මංගල ප‍්‍රචාරක රැළියේදී තමන් එදා මෛත‍්‍රී ජනපතිවරයා කී කතාවට පිළිතුරු දෙන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පැවසිය.
කුරුණෑගලින් ඡන්දය ඉල්ලූවද ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම රැළි අමතන්නට බලාපොරොත්තුවන හිටපු ජනපතිවරයා මේ ආකාරයේ පිළිතුරක් දෙන බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.

නමුත් මේ වන විට අනුරාධපුර රැලිය පිළිබද යම් ගැටුම්කාරි තත්වයක් උද්ගත වී ඇත.

එනම් එම රැලිය සංවිධානය සම්බන්ධනි.අනුරාධපුර කණ්ඩායම් නායක දුමින්ද දිසානායක මහතා මෙහිදී කුමන ස්ථාවරයක් ගනීද යන්න සියලු දෙනාම මේ වන විට අවධානයෙන් පසු වෙයි.
එමෙන්ම මේ රැලිය සම්බන්ධව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.