FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරි අනාවැකි කියන්න බැරි හේතුව මෙන්න..

ආපදා තත්ත්වයන් පිළිබඳ නිසියාකාරයෙන් පෙර දැනුම්දීම් සිදුකිරීමට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව නවීන තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර නොමැති බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

රටවල් රැසක් මේ වන විට නවීණ තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් නිවැරදි කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පෙන්වාදුන් හෙතෙම කියා සිටියේ මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීණ යන්ත්‍ර සූත්‍ර මඟින් යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකළ යුතු බවයි.