FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදි පෙළපාලි මැද සුපිරි යතුරුපැදි ධාවනශූරයා දැයෙන් නික්මුණ හැටි.. (වීඩියෝ)

සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ අද දැයෙන් සමුගත්තේ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලින්ගේ දෙනෙතට කඳුලක් එක් කරමිනි.

ඔහුට අවසන් ගෞරව දක්වන්නට බොහෝ දෙනා එක්වී සිටි අතර අවමංගල පෙරහැරට යතුරුපැදි විශාල ප්‍රමාණයක්ද එක්වී තිබුණි.

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ (ශල්‍ය) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ පසුගිය 29 වැනිදා සිය දිවියෙන් සමුගත් ඔහු සිවුදරු පියෙකි.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ආනන්ද වෙඩිසිංහ එම අනතුරට පත්ව තිබුනේ එම තරඟයේ අවසන් වටයේ තවත් තරඟකරුවෙකු වූ  සුරාජ්, ආනන්ද වෙඩිසිංහව පසුකර යෑමට ගත් උත්සාහයක් වැරදිමෙනි.

දෙදනාගේ යතුරුපැදිවැල හෑන්ඩ්ල් එකිනෙක ගැටී පාලනයෙන් ගිළිහුණු වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටේ වැදී ඔහුව යතුරුපැදියෙන් ඉවතට විසිවී හිස ලී කොටයක වැදී ඇති බවත්, පාදයක් දැඩි ලෙස බිදී යාමකට ලක්ව ඇති බවත් පැවසිණි.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) කඩිනමින් සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

ආනන්ද වෙඩිසිංහ යතුරුපැදි ක්‍රීඩාවෙන් ලංකාවට කීර්තියක් අත්කරදුන් පුද්ගලයෙක් මෙන්ම සමාජ සේවයෙහි නියුතු නිහතමානි පුද්ගලයෙකු ලෙසද නම් දැරූවෙකු වූහ.

සුපිරි ධාවකයාණෙනි ඔබට නිවන් සුව!!

වීඩියෝව පහතින්..