FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානයක් පුපුරවන්න සැලසුම් කළ ලාංකිකයා මෙන්න.. (වීඩියෝ)

බෝම්බයක් පුපුරවා ගන්නා බවට ගුවන් යානයක් තුළ දී තර්ජනය කිරීම නිසා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීති විශාරදයින් පවසන්නේ චෝදනා දෙකක් යටතේ ඉදිරියේදී ඔහුට නඩු පවරනු ඇති බවත් හා අදාල චෝදනා අතරට අපරික්ෂාකාරී ලෙස ක‍්‍රියා කරමින් ගුවන් යානයක් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සහ ගුවන් යානයක් විනාශ කරන බවටත් ගුවන් මගීන් මරා දමන බවටත් තර්ජනය කිරීම ඇතුලත්  වේ.

මෙම ශ‍්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඔස්ටේ‍්‍රලියාවට ගොස් සූපවේදී පාඨමාලාවක් හදාරමින් සිටි මනෝද් මාර්ක්ස් නැමැත්තෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 25ක් බව ද තහවුරු කරගෙන තිබේ.

මෙම පුද්ගලයා මනෝ චිකිස්සක මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර ද ලබා ගෙන ඇති බවත් ඔහු එයින් පිටව විත් ඇත්තේ අදාල ගුවන් ගමන සිදු කළ දිනයේම බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.

එසේම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ යානය ගොඩබැස්සවීමෙන් පසු මගීන් ඉන් ඉවත් කිරීමට පෙර යානය තුළ දැඩි සෝදිසියක් ද සිදු කෙරුණු බවයි.

මෙවැනි තර්ජනාත්මක හැසිරීමක් සඳහා චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා පෙළබී ඇත්තේ ඇයිදැයි තවමත් තහවුරු වී නොමැති අතර නීති විශාරදයන් වැඩි දුරටත් කියා සිටියේ නගා ඇති චෝදනා තහවුරු වුවහොත් ඔහුට වසර 10ක සිර ඳඩුවමක් නියම වනු ඇති බවයි.

වීඩියෝ පහතින්..