FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිනි චන්ද්‍රිකා යළි මෙරටට..

මහින්ද රාජපක්‍ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලැබීම සම්බන්ධයෙන් විරෝධය දක්වා විදෙස්ගත වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අද දිනයේ යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

ඇය මෙරටට පැමිණීමෙන් පසුව විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති අතර ශ්‍රීලනිපය මෙහෙයවීම කටයුතු භාරගෙන කටයුතු කරයිද නොඑසේනම් මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් එජාපය හා එක් වෙයිද එසේත් නැත්නම් ස්වාධිනව සිටීද යන්න ඇයගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව හෙළි වනු ඇත .

එමෙන්ම ශ්‍රීලනිපය සභාපතිකම ඇයට ලබාදීම පිලිබදවද මිට පෙර යම් කසුකුසුවක් පැතිර ගියේය .කෙසේ වෙතත් මේ සියලු සැක සංකා අද පස්වරුවේ දුරුවනු ඇත.