FAST NEWS

24×7 Around the Globe

මැන්චෙස්ටර් බෝම්බයෙන් විපතට පත්වූවන්ට ප්‍රසංගයක්..

පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ මැන්චෙස්ටර් බෝම්බයෙන් විපතට පත්වූවන්ට සහනයක් සැලසීම වෙනුවෙන් තවත් ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා විය.

විසිදෙදෙකු මරණයට පත්කල මැන්චෙස්ටර් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු නැවතත් පවත්වනු ලබන ප්‍රසංගය සඳහා Justin Bieber, Coldplay ,Katy Perry එක්වීමට නියමිතය.

එසේම එදා ඇයගේ ප්‍රසංගයට සහභාගී වූ අයට නොමිලේ ටිකට්පත් ලබාදීමට ඇය සූදානම් වන බවත් පැවැසේ.

අරියානා ග්‍රාන්ඩේ විසින් පවත්වනු ලැබූ සංගීත සංදර්ශනයකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර එම සිද්ධිය සිදු වූයේ ඇය ප්‍රසංගය අවසන් වී ප්‍රසංග භූමියෙන් ඉවත් වී ස්වල්ප වේලාවකින් පසුවය.

ශාරීරකව තමන්ට කිසිදු තුවාලයක් සිදු නොවූව ද අරියානා ග්‍රාන්ඩේ, සිය ට්විටර් පිටුවේ පළ කර ඇත්තේ තමන් හදවතින් දැඩි කම්පනයකට පත්වී ඇති බවත් හා සියලු දෙනාගෙන් තමන් සමාව ඉල්ලන බවත් එයට වචන නොමැති බවත්ය.