FAST NEWS

24×7 Around the Globe

පිලිපීන ගුවන් ප්‍රහාරයකින් පීලිපන හමුදාවේ 10 ක් මරුට…

පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින්  එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයා ඩෙල්ෆින් ලොරෙන්සානා සඳහන් කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා සෙබළුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

පසුගිය සතියේ එරට ජනාධිපති රොඩිගෝ ඩුටර්ටේ මරාවි නගරය පිහිටි මින්දනාඕ දිවයිනට යුද නීතිය ප්‍රකාශ කළේය.

ඒ සමග ඇමරිකාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වන ඉස්නිලොන් හැපිලොන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කළ මෙහෙයුමක් අතරතුරයි මෙය සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)