FAST NEWS

24×7 Around the Globe

කිඹුලන් ආවොත් හදිසි ඇමතුම් අංක මෙන්න..

පසුගිය දින කිහිපය තුළ අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා කිහිපයක්‌ පිටාර ගැලීමත් සමඟ කිඹුලන් රැසක්‌ ගංවතුර සමඟ ගොඩබිමට පැමිණ ඇති බව වාර්තා වේ.

එලෙස පැමිණි කිඹුලන් තම ප්‍රදේශයේ සිටී නම් 1992 හෝ 117 හදිසි ඇමතුම් අංකවලට දැනුම් දෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි ඇමතුම් අංක1992 වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන බවත් අංක 117 අංකය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී ඇති බවත් ඒ මහතා කියා සිටී.