FAST NEWS

24×7 Around the Globe

අපේ අය කරන්නේ ටෙලිනාට්‍ය බලන එක..

”මේ ආපු සුළි සුළගේ අන්තිමට ආපු මෝරා අපිට ආවේ නෑ එයා බංග්ලාදේශයට ගියා. ඊට කලින් තමයි අපිට බලපෑවේ. මෝරා අපිට ආව නම් මෙහෙම නෙවෙයි මහ විනාශයක් වෙන්න තිබ්බා. අපේ අය කරන්නේ ටෙලිනාට්‍ය බලන එක. කවදාවත් කාලගුණ නිවේදනය බලන්නේ නෑ.   

ඒත් විදේශිකයන් එහෙම නෑ. ඔවුන් වැඩ පටන් ගන්නේ ප‍්‍රවෘත්ති වගේම කාලගුණ නිවේදන බලලා. මේ රට තුළත් ඒ වැඩපිළිවෙළ ගෙන ආ යුතුයි. කාලගුණ විපර්යාස අද ඇතිවුණ එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය මිලියන 816ක් 2016දී වෙන් කළා. ඊළඟ අවුරුද්දේ මිලියන 1500ක් වෙන් කළා. ගියපාර ගංවතුර හේතුවෙන් අපේ ආසනයේ හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම බෝට්ටුවක් තිබෙනවා. ඒ වගේ අපි ක‍්‍රමයෙන් බෝට්ටු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා.”

ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.