සබරගමුව පළාත් සෞඛ්‍ය ඇමති භාණු මුනිප්රිය මහතා විසින් ඊයේ(31) බලංගොඩ රාස්සගලදී පයින් පහරක් එල්ල කරමින් දොරක් කඩා දමා රෝහලක් විවෘත කලේය.
අධික වැසි තත්වය නිසා රාස්සගල රෝහල නාය යාමට ඉඩ ඇතැයි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් එම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙස දන්වා තිබින.
ඒ අනුව ඇමතිවරයා ඒ ආසන්නයේ ඉබි යතුරු දමා වසා තිබුනු ආයුර්වේද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉහල මහල මෙසේ දොර කඩා විවෘත කර රෝහල ස්ථාපිත කරනු ලැබීය.
පා පහරක් එල්ල කරන්නට වූයේ යතුරු සොයා ගැනීම නොහැකි වූ හෙයිනි.










