FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයෙන් 4 ක්‌ පැන්න හැටි හෙළි වෙයි..

මීගමුව බන්ධනාගාරයෙන් පැනගොස්‌ තිබූ වයි. ඕ. වාට්‌ටුවේ රඳවා සිටි බන්ධනාගාර රැදවියන් සිව්දෙනා ඊයේ (30) අලුයම පැනගොස් තිබූ අයුරු මේ වන විට හෙළිවී තිබේ.

අමුත්තන්ට රැඳවියන් පෙන්වනු ලබන කාමරයට සමීප තැනකින් බන්ධනාගාර තාප්පය සිදුරු කර විශාල කුණු භාජනයකින් එම සිදුර වසා තබා ඊයේ(30) අලුයම වයි ඕ වාට්‌ටුවේ ඉහළින් තිබූ දැලක්‌ ගලවා පිටතට පැමිණ පැනගොස්‌ ඇතැයි මෙතෙක්‌ සිදු කළ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රැඳවියන් සිව්දෙනා මීගමුව බන්ධනාගාරය ආසන්නයේ තිබෙන ධීවර යාත්‍රා තොටුපළට පැමිණ බෝට්‌ටුවක නැගී ගිය බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.