FAST NEWS

24×7 Around the Globe

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව නිකුත් වෙයි.. (ඡායාරූප)

ලෝක ප‍්‍රකට ක‍්‍රීඩා වෙබ් අඩවියක් වන ඊ එස් පී එන් වෙබ් අඩවිය මඟින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුව ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට වන අතර දෙවන ස්ථානය අමෙරිකානු බාස්කට් බෝල් ක‍්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස්ට හිමිව තිබේ.

තුන්වන ස්ථානය ආර්ජන්ටිනාවේ පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට හිමිව ඇති අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්ත ටෙනිස් ක‍්‍රීඩක රෝජර් ෆෙඩරර්ය.

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිව ඇත්තේ එහි 07 වන ස්ථානය වේ.

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ සිව් දෙනෙක් පමණක් වන අතර ඔවුන් සියලූ දෙනා ඉන්දීය ක‍්‍රීඩකයින් වීමද විශේෂත්වකි.

ඉන්දීය එක්දින නායක විරාට් කෝලි එම ලැයිස්තුවේ 13 වෙනියා වන අතර ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු පළමු සියදෙනා අතරට ඇතුළත්වී නොමැත.

ඡායාරූප පහතින්..