FAST NEWS

24×7 Around the Globe

මාළු මීල ඉහළට – උතුරේ ධිවරයෝ හේතු පහදති..

ඉන්දීය ධීවර ආක්‍රමණයන් හා මේ දිනවල උතුරු මුහුදේ පවතින දැඩි සුළං තත්ත්වයන් හේතුවෙන් දෛනිකව අල්ලන මසුන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇති හෙයින් මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව උතුරේ ධීවර සංගම් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

මේ අතර දකුණේ ඇතිව තිබෙන ගංවතුර තත්වයෙන් මසුන් සැපයුම්ද බොහෝ සෙයින් අඩාලව පවතින හෙයින් දකුණේ සිට උතුරු පළාතෙන් වෙනදාට වැඩිය මසුන් ඉල්ලුමක් පවතින අතරම එම ඉල්ලුමට මාසුන් සැපයීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද උතුරු පළාත් මාළු වෙළෙන්දෝ කියා සිටිති.

මෙම තත්ත්වයන් හේතුවෙන් දකුණේ ඇතැම් මසුන් (තලපත්, කෙළවල්ලෝ, තෝර) ඇතැම් ස්ථානයන්හි රුපියල් දහසකට වැඩියෙන් අලෙවි වන අතර එම මසුන් වර්ග හිඟයක්ද පවතින බවද වාර්තා වේ.

( ADS)