FAST NEWS

24×7 Around the Globe

දින තුනක් තිස්සේ තරුණියන් තිදෙනෙකුගෙන් දුෂණය වූ තරුණයා..

තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දින තුනක් තිස්සේ දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු අප්‍රිකාවේ සිදු වූ මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 23 හැවිරිදි තරුණයෙක් වන අතර මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා එරට තිබෙන මිනිසුන් පිරිසක් රැගත් කුලී රථයක ගමන් කරමින් සිටියදී ඔහුට කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර ඇත.

අනතුරුව අදාළ තරුණයාට සිහිය එන විට තරුණියන් තිදෙනෙක් සමග කාබරයක සිට ඇති බවත් ඔවුන් විසින් දින තුනක් තිස්සේ විටින් විට එම තරුණයාව දුෂණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා ඇති අතර ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවත් වාර්තා විය.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ එරට පොලිසිය එම තරුණියන් තිදෙනා සොයා මේවන විට පරීක්ෂණ පවත්වන බවයි.