FAST NEWS

24×7 Around the Globe

රනිල් යූඑස් ගියාට පැය හයෙන් හයට මෙහේ අප්ඩේට් ගන්නවා..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු පවසා සිටියේය.