FAST NEWS

24×7 Around the Globe

දැවැන්ත ව්‍යවසන කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන්ව සිටි හේතුව එළියට..

197 දෙනෙකු මිය ගොස් සියයක් පමණ අතුරුදහන්ව තවත් ලක්‍ෂයක් පමණ අතුරුදහන් වූ දැවැන්ත ව්‍යවසනයක් ලංකාවට බලපා තිබියදී එම කාලය පුරාම විදෙස්ගතව සිටි ආපදා කලමණකාරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද(31) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

ඇමතිවරයා මෙම කාලය තුලදී මෙක්සිකෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයක් සදහා ගොස් තිබින.

මෙම සම්න්ත‍්‍රණය අමතමින් ඇමතිවරයා හදිසි ආපදාවකදී ජීවිත, දේපළ, යටිතල පහසුකම් හා ආර්ථිකයට වන හානිය අවම කිරීම ගැන විශේෂ දේශණයක්ද පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙක්සිකෝවේ සිට මෙරටට ඒමට අවම වශයෙන් පැය 30ක් ගතවන බවත් ඇමතිවරයා නැතත් තමන් අදාල වගකීම නිසි ලෙස ඉටු කරමින් සිටින බවත්ය.

කෙසේ වෙතත් මෙම සමුළුව නිමා වුයේ පසුගිය 26 වනදාය.