FAST NEWS

24×7 Around the Globe

මෝරාගෙන් බංග්ලාදේශ වැසියන් මුදා ගැනීමට බළධාරීන් සටනේ..

මෝරා සුළි කුණාටුවෙන් දරුණු බලපෑම් සිදුවීමට පෙර මිලියනකට වැඩි පිරිසක් මුදා ගැනීමට බංග්ලාදේශ බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

සුළි කුණාටුව අද (30) දිනයේදී බංග්ලාදේශයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයේ වරාය නගරවලට උපරිම අනතුරු ඇඟවීම් නිකුත් කරන්නැයි ද බලධාරීන් දන්වා ඇති අතර බංග්ලාදේශයේ බටහිර ප්‍රදේශයෙන් අනතුරු ඇඟවීම අංක 8 ඉලක්කමෙන් දැක්වා තිබේ.

උපරිම අනතුරු ඇඟවීම සඳහා බංග්ල්දේශය අංක 10 භාවිත කරන අතර එමඟින් අනතුරු වීමේ අවදානම උපරිම යැයි දැක්වෙයි.

සුළි කුණාටුව ඇතිවූයේ ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාවෙන් පසුවය.

ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයෑම්වලින් අද (30) දහවල් පෙරවරුව වන  පුද්ගලයින් 183ක් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

(ADS)