FAST NEWS

24×7 Around the Globe

සහන සලසමින් සිටි හිමිනමකට දේශපාලනඥයකුගෙන් මරණ තර්ජන..

මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

කොස්ගුලන සහ කොළඹැව අවතැන් ජනතාවට ආධාර කරන්නට ඉදිරිපත් නොවන්නේ ඇයි දැයි අදාළ දේශපාලනඥයාගෙන් ඒ හිමියෝ විමසා ඇති අතර ඊට කෝපවූ ඔහු මහින්දතිස්ස හිමියන්ගේ අතින් ඇද පහරදීමට ද උත්සාහ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

බදුරලිය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමේදී පොලිසිය පැවසූයේ මහින්දතිස්ස හිමියන් පැමිණිල්ලක් කර ඇති බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධිය සමථයකට පත් නොවන්නේ නම් තර්ජනය කළ දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.