FAST NEWS

24×7 Around the Globe

මෙල්බර්න් හා කටුනායක අතර සෘජු ගමන් වාරයක්..

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හා ශ්‍රී ලංකාවේ කටුනායක අතර එළැඹෙන ඔක්තෝබර් මස 29 දා සිට  දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම  තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට අපේක්ෂිත ගුවන් මගීන්ට වෙනත් රටක නැවතීමකින් තොරව සෘජුව ගමන් කිරීමේ අවස්ථාව උදාවව බව එම ගුවන් සමාගම කියයි.

අදාළ ගමන් වාරය කොළඹින් දිනපතා රාත්‍රී 11.50ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ගමන් ආරම්භ කරන ගුවන් යානය ඔස්ට්‍රේලියානු වේලාවෙන් පස්වරු 3.25ට එරටට ළගා වීමට නියමිතය.

එසේම ඔස්ට්‍රේලියාවෙන් නැවතත් පස්වරු 4.55ට ගුවන් ගමන ඇරඹෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.15ට ශ්‍රී ලංකවට ළගා විමට නියමීත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

(ADS)