FAST NEWS

24×7 Around the Globe

පොසොන් උත්සව වියදම් සේරම දෙන්න…

පොසොන් උත්සවය වෙනුවෙන් අනවශ්‍ය වියදම් නොකර ඒ සියලුම මුදල් ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූවන්ට පරිත්‍යාග කරන ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ,නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ රැස්කිරීමේ මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ බිම් මහලේ  පවත්වාගෙන යන බවත් ඒ වෙනුවෙන් ආධාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ සියලු භාණ්ඩ ආගමික ස්ථාන හරහා සුදුසු පුද්ගලයන්ට ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවැසීය.

කළවාන, රත්නපුර, අයගම, ගාල්ල යන ප්‍රදේශවලට තමාගේ හෙලිකොප්ටරයෙන් ගොස් නිරීක්ෂණය කළ බවත්, කළවාන මහ රෝහලේ සිටි ගැබිණි මවුවරුන් රත්නපුර මහ රෝහලට ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවැසීය.