FAST NEWS

24×7 Around the Globe

මුම්බායි දිනවු මහේල ජයවර්ධනට ප්‍රධාන පුහුණකාර ධූරයක් හිමී වෙයි..

හිටපු ශ්‍රී ලංකා  ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන ඉදිරි තරග වාර දෙකක් සඳහා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ කුල්නා ටයිටන්ස්  කණ්ඩායෙම් ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට ගිවිසුමකට පිවිස ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

මීන් පෙර කුල්නා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයේ කටයුතු කළ  හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටුවර්ඩ් ලෝ කොදෙව් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මහේල ජයවර්ධනය මෙසේ තොර පත් කර ගෙන තිබේ.

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ කළමනාකරු මහේලගේ සේවය ලබාගැනීමට හැකිවීම සතුටක් බවත්, ඔහුගේ ගුරුහරුකම් තුළින් කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට හැකිවනු ඇතැයිද මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මහේලද පසුගිය බිපීඑල් තරගාවලි ක්‍රීඩකයකු ලෙස සිටි නිසා ඔහුගේ අත්දැකීම් මෙවර පුහුණුකරුවකු ලෙස ලබාදීමට වඩාත් කැමැත්තෙන් සිටින බව පවසා ඇති බවද පැවසේ.

මහේල ජයවර්ධන පසුගියදා නිමාවට පත්වු ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දීයන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ශුරතාවය දීනා දීමට කටයුතු කළේය.

(ADS)