FAST NEWS

24×7 Around the Globe

MI 17 හෙලිකොප්ටරය කඩා වැටුණාද? හදිසියේ ගොඩබැස්සුවාද?

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී අද කඩා වැටීමට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ ගංවතුරින් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසින ලද ආහාර සහ වියලි ආහාර ගෙනයමින් සිටි එම් .එයි .17 වර්ගයේ ගුවන් යානයේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා ගුවන් නියමුවා විසින් එය බද්දේ ගම ප්‍රදේශයට ගොඩබැස්සවීමට කටයුතු කර ඇති බවයි.

මෙය කඩා වැටීමක් නොවන බවත් එම අවස්ථාවේ ගුවන් යානය බැස්සවීමට ස්ථානයක් නොවූ නිසා ආරක්‍ෂිත පියවරක් ලෙස මේ ආකාරයෙන් බද්දේගම ප්‍රදේශයට ගුවන් යානය ගොඩබස්සවා ඇති බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

එමෙන්ම කුමන හේතුවක් තුල ඇතිවූ දෝෂයක් නිසා මෙය සිදුවීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් එම අවස්ථාවේ ගුවන් යානය ගොඩ බැස්සවීමට ස්ථානයක් නොවූ නිසා වතුර මතට ගොඩ බැස්සවූ බවත් ඔහු පැවැසීය.

එමෙන්ම ගුවන් යානයට යම් කිසි හානියක් සිදු වී තිබුනත් ඒ පිළිබදව නිසි ආකාරයෙන් දැනගැනීමට හැකිවන්නේ එය නැවත එලියට ගත් පසුව බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න සදහන් කලේය.