FAST NEWS

24×7 Around the Globe

රටේම ව්‍යසනය මැද රසිකාවිය ඇසූ අපූරු පැනයට ගායන ශිල්පියෙකුගෙන් බැනුම්..

“ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ  නේද .. මාව තරහගස්සන්න එපා” කියමින් රසිකාවියෙකුට කතා කළ රුපවාහිනී වැඩසටහනක් මෙහෙයවන ගායන ශිල්පියෙක් පිළිබඳව වාර්තා වේ.

ඔහු රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සිටිය දී ලැබුණු දුරකථන ඇමතුමකට මෙම පිළිතුර දී  ඇති අතර එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නය.

ඊට පිළිතුරු දෙමින්  “ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ  නේද .. මාව තරහගස්සන්න එපා” කියමින් ඔහු  ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබේ.