FAST NEWS

24×7 Around the Globe

වතුරට යටවෙන්න යන පාර්ලිමේන්තුව..

පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා දියවන්නා ඔයේ ජලය ශීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානමක් මතුවී තිබේ.

දියවන්නා ඔය හදිසියේ පාර්ලිමේන්තුව යට කරගෙන ඉතිරී යන්නේ නම් එයට සිදු කළ හැකි ප්‍රතිකර්ම කවරේදැයි මේ වනවිට ආරක්ෂක අංශ වෙත දන්වා ඇති අතර ඊයේ(26) වැලි කොට්ට ගෙන ගොස් එහි වටා තැබුණ බවද වාර්තා විය.