නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගැන අද මුහුණු පොතේ පළවූයේ යහපත් ප්‍රතිචාරයක් වන අතර එම ප්‍රතිචාරය වුනේ “පක්ෂය අදාල නැත. ජනතාවගේ දුක හදුනන මෙවැනි ජනතා නායකයින් මේ රටට තව තවත් බිහි වේවා! ගරු පාලිත තෙවරප්පෙරුම මැති තුමනි ඔබට මාගේ උත්තමාචාරය ” යනුවෙනි.
මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ මහ වැස්සෙන් ප්‍රදේශ යට වෙද්දී ගං වතුරේ බැස වාහන සහ ජනතාව වෙත පිහිටවන අයුරු දැක්වෙන ඡායාරූප පෙළකටය.
එසේම කළුතර දිස්ත‍්‍රික්කයට බලපා ඇති ආපදා තත්වයේදී ජනතාවට පිහිට වීම සදහා නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා දිවා රැය, මහ වැසි නොතකා මැදිහත් වෙමින් සිටියි.
මල සිරුරු පවා ඇමතිවරයා සිය දෙඅතින් ඔසවාගෙන රෝහලට ගෙන යනු දක්නට ලැබුන අතර බොහෝ පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයින් පැත්ත පලාතේ නොයන තත්වයකදී නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම උස් ගුණය පැසසිය යුතුම වේ.
වීඩියෝව පහතින්..













