FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ට්විටර් පණිවුඩයක් එක් කරයි.

පාකිස්තානු කණ්ඩායමට එරෙහිව දෙවන එක්දින තරගය ජයගත් ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මහේල ජයවර්ධන සුභපැතුම් එක්කළා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන පැවසුවේ කුසල් ජනිත්ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය විශිෂ්ට බවයි. ලකුණු 288ක ඉලක්කය හඹා යාම සඳහා යොවුන් ක‍්‍රීඩකයින් දැක්වූ සහාය ද මෙහිදී ඔහු ඇගයීමට ලක්කළා.

ශ‍්‍රී ලංකා පාකිස්තාන තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය ලබන 19 වෙනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

vhfuifiyf