FAST NEWS

24×7 Around the Globe

මටත් පරණ එකේ කෑලි ඕන කියා ඇමති ගයන්තත් ඉල්ලයි..

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 3ක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව සහ රජයේ චිත‍්‍රපට සංස්ථාව නව ගැසට් පත‍්‍රයක් මගින් තමන් යටතට පත්කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දෙන බවට එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මීට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව විදේශ අමාත්‍යවරයා වන රවී කරුණානායක පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය විය.