FAST NEWS

24×7 Around the Globe

ජනපති නිවස වටලා කුඩු කරන බවට 119 ට ඇමතුමක්..

ජනාධිපති නිල නිවෙස වටලා කුඩු කරන බවට ලද තර්ජනාත්මක දුරකථන ඇමැතුමක් පොලිස්119 හදිසි පණිවිඩ දුරකථන අංකය වෙත ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා ඇත.

පෙරේදා (23) දින පොලිස් හදිසි ඇමැතුම් අංශය වෙත එම තර්ජනාත්මක දුරකතන ඇමැතුම් දුන් පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිතුමා සුළු ජාතීන්ට අදින පුද්ගලයකු නිසා අද දින රාත්‍රී ජනාධිපති නිල නිවෙස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන බවයි.

යම් සිදුවීමක් වුවහොත් එය ජාතික සංහිදියාවට බාධාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් දුරකතන ඇමැතුම දුන් අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන බව පොලීසිය දන්වා සිටියේය.