FAST NEWS

24×7 Around the Globe

වැසිකිළියට යන කාන්තාවන් නීරීක්ෂණය කල පුද්ගලයාට වූ දේ..

කෑගල්ල පොලිස් බලප්‍රදේශයේදී වැසිකිළියට යන කාන්තාවන් නීරීක්ෂණය කරමින් සිටි පුද්ගලයෙකු අසල්වාසී තරුණයෙකුගේ පහර දීමෙන් අද (25) මියගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙක වන අතර මෙම පුද්ගලයාට පහරදුන් 19වන වියේ පසුවන තරුණයෙකු පොලීසියට භාරවී ඇති අතර, ඒ අනුව අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.