FAST NEWS

24×7 Around the Globe

34 දෙනකුට ශිෂ්‍යත්වයට බින්දුවයි..

පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිදු ලකුණක්‌ නොලැබූ අයදුම්කරුවන් සංඛ්‍යාව 34ක්‌ බව විභාග දෙපාර්තමේන්තුවේ අලුත්ම සංඛ්‍යාලේඛන   පෙන්වා දෙයි.

ලකුණු 1 – 10 ත් අතර සංඛ්‍යාවක්‌ ලැබූ පිරිස 163 ක් වන අතර එම විභාගයෙන් ලකුණු 191 ත් 200 ත් අතර ලැබූ සංඛ්‍යාව 51 ක්‌ බව ද එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට කිසිදු ලකුණක්‌ නොලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 195 ක්‌ වන අතර ඉන් 152 දෙනෙක්‌ ශිෂ්‍යයන් හා 43 ක් ශිෂ්‍යාවන් බව සදහන්ය.