අයර්ලන්ත ඩබ්ලින් නුවර පැවැති අයර්ලන්ත තුන්කොන් තරගවලියේ 06 වැනි තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (24දා) සමත්වූයේය.
බංග්ලාදේශ ආරාධයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි ලකුණු 270ක් රැස්කිරීමට සමත්විය.
එම ඉලක්කය පන්දුවාර 48.2කදී කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ.
මෙම ජයත් සමගින් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පසුකරමින් ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයට හැකිවිය.
ඒ අනුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය බංග්ලදේශයටත්, 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.
(ADS)










