FAST NEWS

24×7 Around the Globe

මම ධීවර ඇමැති වුණාට මාළු ගේන්නේ කඩෙන්..

තමන් ධීවර අමාත්‍ය තනතුර දැරුවද ගෙදරට මාළු ගේන්නේ වෙළඳසැළෙන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුලේ කිසිවෙකුත් තමන්ගේ ආයතනවලට පත්කර නොමැති බවයි.

“අපිට අපේ ඉලක්‌ක අපේ කාලයට මෙහා සම්පූර්ණ කරන්න පුළුවන්. ධීවර සංස්‌ථාවට අවුරුදු 52 ක්‌ වෙනවා. එය අපි ලාභ උපයන ආයතනයක්‌ බවට පත් කළා. අපි හරියට අවංකව වැඩ කළොත් ඕනෑම රාජ්‍ය ආයතනයක්‌ පාඩු නොලබා දියුණු කරන්න පුළුවන්. මම කිසිම අමාත්‍යාංශයකට මගේ පවුලේ කෙනෙක්‌ දැම්මේ නැහැ. මම ධීවර ඇමැති වුණාට මාළු ගේන්නේ කඩෙන්. අපිට ධීවර අමාත්‍යාංශය මේ විදිහට දියුණු කරන්න පුළුවන්. හෙට දවසේ කවුරු ආවත් එය හොඳින් කරගෙන යන්න අවශ්‍ය අඩිතාලම දාලයි තියෙන්නේ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කරන ලදි.