FAST NEWS

24×7 Around the Globe

මංගලට සපත්තු කුට්ටම දාගෙන ඇවිදින්න බය හිතිලා..

තමාට ලබාදී ඇති මුදල් අමාත්‍යංශය නමැති සපත්තු කුට්ටම ලොකු වැඩි යැයි සිතෙන බව නව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරන ලදි.

එය දමාගෙන ඇවිදින විට ප්‍රශ්නයක් වේදැයි බියක් ඇතිවන බවත් ඔහු ඊයේ (23) කියා සිටියේය.

“අමාත්‍යංශය  බාරගන්නා වෙලාවේ මට හිතුණා මට ලබාදී තිබෙන අලුත් සපත්තු කුට්ටම ලොකු වැඩිද කියලා. මේ සපත්තු කුට්ටමේ ඉතිහාසය දිහා බැලුවාම එන්.එම්. පෙරේරලා, පීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා, රොනී ද මැල්ලා, ජේ.ආර්. ජයවර්ධනලා ඇවිල්ලා තියෙන නිසා මට තරමක් බයක් ඇතිවුණා මේ සපත්තු කුට්ටම දාගෙන ඇවිදින්න ගිහිල්ලා ප්‍රශ්නයක්  වේවිද කියලා.”