FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ගෙදර යවන්න සැලසුම් හදා අවසන් – නලින් ද සිල්වා

 

දෝෂාභියෝගයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුරය අහිමි කරන ආකාරය පිළිබඳව මහාචාර්ය නලීන්ද සිල්වා මහතා අද (15දා) පැහැදිලි කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේ ප්‍රථමයෙන්ම පක්ෂ සභාපතිකමින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කරන බවයි.

මහමැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ 2/3 ක ඡන්දයෙන් දෝෂාභියෝගයක් මගින් සිරිසේන මහතාගේ ජනාධිපති ධුරයද ඉතා පහසුවෙන් ඉවත් කරන බවද ඔහු පවසයි.

මේ වනවිට ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයිද නලීන්ද සිල්වා මහතා පවසා සිටියේය.