FAST NEWS

24×7 Around the Globe

රවීගේ අලුත් පත්වීම එක්ක අමාත්‍යාංශයට එන දේවල් ගැන බන්දුල කියයි..

ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව ඊයේ (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රවී කරුණානායක මහතා අත්හැරීමේ ගුණය පුරුදුව නොමැති බවත් රට වෙනුවෙන් අමාත්‍ය ධූර වෙනස් කරන අවස්ථාවක තම පෞද්ගලික අවශ්‍යතාවය මත ඔහුට ප්‍රතිලාභ හිමි වෙන ආයතන තමා වෙත නතු කර ගැනීමට කටයුතු කරන බවටත් බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේ ය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ධූරයේ ප්‍රතිරූපය බිඳවැටෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.