FAST NEWS

24×7 Around the Globe

කුසල් සනත්ගේ වාර්තාව සම කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එක්දින තරගයකදී ලබා ගත් වේගවත් ම අර්ධ ශතකය වෙනුවෙන් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව සම කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් විය.

ඒ මේ වන විට පකිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ය.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා පන්දු 17කදී ලකුණු 50ක් රැස් කරමින් මීට පෙර සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව සම කළේ ය.

අද තරගයේදී කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

පකිස්ථානය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 287කි.