FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 09 ක විශිෂ්ට ජයක්..

කෙනට්‌ ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පැවැති දෙවන පුහුණු තරගයෙන් ස්‌කොට්‌ලන්ත  කණ්ඩායම පරදා කඩුළු 09 ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩඩායම සමත් විය.

ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ආරාධනයේ පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 27 ක් තුළ ලකුණු 166 කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ.

එ ජයගහ්‍රණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 යි පන්දු 05 කදි ලකුණු 170 ක් ලබා ගනිමීන් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

මෙහිදි නායක උපුල් තරංග නොදැවී ලකුණු 54 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුහ.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ආරම්භක පිතිකරු කුසල් ජනිත් මෙම තරගයේදී විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට නිරෝෂන් දික්‌වැල්ල සහ නුවන් කුලසේකරව කණ්‌ඩායමට එක්‌කර තිබුණි.

(ADS)