එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බියගුළු හා නිවට ප්‍රහාරයක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් සඳහන් කර ඇත.
එසේම සිද්ධියෙන් විපතට පත්වූවන්ට සුවය ප්‍රාර්ථනා කරන බවත් එය බියගුළු කමේ නින්දිත ප්‍රහාරයක් බවත් පණිවිඩයෙහි සඳහන්.
එංගලන්ත පළමු පෙළ තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මේ දිනවල එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියි.








