මැයි 19 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය වීමට නියමිත සකෙත් චෞද්ර්රිගේ ‘හින්දි මිඩියම්’ චිත්රපටය හරහා බොලිවුඩ් සිනමාවට තවත් පාකිස්තානු නිළියකගේ පැමිණිම සිදුවීමට නියමිත අතර එසේ පැමිණෙනුයේ 33 වැනි වියෙහි පසුවන සාබා කමාර්ය.
පාකිස්තානයේ අතිශය ජනප්රිය සිනමා නිළියක් වී ඇති සාබා පාකිස්තානයේ හොඳම සිනමා නිළිය ලෙස කිහිප වරක් සම්මාන දිනා ගැනීමට සමත්ව තිබේ.
‘හින්දි මිඩියම්’ චිත්රපටයේ ඇය ඉර්ෆාන් ඛාන් සමගින් පෙනී සිටින අතර, එහි සාබා විවාහක බිරිඳක ලෙස චරිත නිරූපණය කරයි.
/saba%20qamar/saba-qamar-6-s.jpg)












